ගණිතලෝකය

GanithaLookaya

ලස්සන පිටුපස ඇති ගණිතය - The Math Behind the Beauty

Published by Sachira Sujantha under on 12/21/2018 02:01:00 PM
මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මිනිසාගේ ලස්සන සහ ගණිතය අතර ඇති සම්බන්ධතාව පිළිබඳවයි. 
Image credit - www.pinterest.com
 
ඔබ ස්වර්ණමය අනුපාතය (Golden Ratio) ගැන අසා තිබේද?

ස්වර්ණමය අනුපාතය (Golden Ratio)


මේ සදහා ඔබට ෆිබොනාච්චි අනුක්‍රමය යනු කුමක්දැයි දැනගැනීමට සිදුවෙනවා. නොදන්නා කෙනෙක් ඉන්නවනම් ඒ පිලිබඳ කලින් පළකළ ලිපිය කියවීමට මෙතනින් පිවිසෙන්න. 
Image credit - pixelstalk.net
 
ෆිබොනාච්චි සංඛ්‍යා රටාව - 0,1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144….. 
මෙම රටාවේ 40 වන වාරයෙන් පසූව එක සංඛ්‍යාවක්, ඊට පෙර ඇති සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන පිළිතුර හැම අවස්ථාවකදිම 1.618033988749895 ලෙස නිශ්චිත අංකයක් ලැබෙන අතර මෙම 1.618 අගය ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා. මෙය ග්‍රීක හෝඩියේ phi (φ) මඟින් සංකේතවත් කරනවා.
අප අවට පරිසරයේ මල්,ගස්වැල්,සතුන් මෙන්ම මන්දාකිණි වැනි සියල්ලම මේ ස්වර්ණමය නීතිය සහ ෆිබොනාචි සංකල්පයට අනුව නිර්මාණය වී තිබෙනවා. ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වල පවා මේවා යොදාගෙන තිබෙනවා.
Image credit - thefibonaccisequence.weebly.com

මිනිස් ශරීරයේ ඉන්ද්‍රියයන් සියල්ලෙහි මෙන්ම ඇඟලි පුරුක් අතරත් අනුපාතයන් සියල්ලම මේ ස්වර්ණමය අනුපාතයට (1:1.618) සමානයි.
                        Image credit - palmieinarsson.blogspot.com      (Leonardo da Vinci's "Vitruvian Man")
Image credit - www.visiolearning.co.uk
මෙම ස්වර්ණමය අනුපාතය(1:1.618) පදනම් කරගෙන පහත රූපයේ පරිදි Mask එකක්  නිර්මාණය කර තිබෙනවා.
Images credits ↓ - www.goldennumber.net

අපට ලස්සන යැයි පෙනෙන පුද්ගලයින්ට මෙම  Beauty Mask එක ගැලපෙන අයුරු උදාහරණ කිහිපයක්  පහතින් දක්වා ඇත. 
ලස්සන මූර්ති නිර්මාණයේදී මෙම අනුපාතය අඩංගුව ඇති අයුරු  
තවද සාමාන්‍ය කෙනෙකක්ගේ මුහුනේ ඡායාරූපයක් මෙම Mask එක භාවිතා කර Photoshop මෘදුකාංගය මගින් සකස් කර ලස්සන කර ඇති අයුරු පහත දක්වා ඇත.


වැඩිවිස්තර සදහා මෙතනින් පිවිසෙන්න.

0 comments:

Post a Comment

 

Join now

තවමත් ගණිත ලෝකය සමග එක්වුනේ නැත්නම් Follow ක්ලික් කරල එකතුවෙන්න.
Ganitha Lookaya facebook page එකට Like කරන්න. (2000+ followers)

Followers