ගණිතයේ ලස්සනම සමීකරණය (ඉයුලර්ගේ සමීකරණය) - Euler's identity
Published by Sachira Sujantha under on 12/19/2021 07:06:00 PM- ගණිතයේ දී Pi (π) කියන්නෙ මොකක්ද කියල දන්නවා ඇතිනේ?
ඕනෑම වෘතයක පරිධිය, එහි විශ්කම්භයෙන් බෙදුවම එන අගය.
π = 3.1415926535...
- ගණිතයේ දී e කියන්නෙ මොකක්ද කියල කලින් ලිපියකින් කිව්වා.
e = 2.7182818284590452…
- ගණිතයේ දී i කියන්නෙ මනඃකල්පිත අංකය (Imaginary number) සදහා. ඒ කියන්නෙ කිසිම සංඛ්‍යා දෙකක් ගුණ කරල -1 අගය ලබාගන්න බෑනෙ. -1 ගි වර්ගමූලය යොදාගෙන සංකීර්ණ ගණන් පහසුවෙන් විසදන්න පුලුවන් නිසා ගණිතඥයින් විසින් එය i ට ආදේශ කලා.
i = √-1
Image credit - www.cuemath.com
දැන් මේ අමුතු සංඛ්‍යා තුන සහ ගණිතයේ ඇති සරලම සංඛ්‍යා දෙක වන 0 සහ 1 භාවිතයෙන් පහත සමීකරණය ලිවිය හැකියි.
- Pi සහ e කියන අපරිමේය සංඛ්‍යා (Irrational numbers) දෙක i කියන මනඃකල්පිත සංඛ්‍යාව (Imaginary number) සමග, e පාදයට iπ බලය මගින් -1 ලැබේ.